Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2024 20:50:42 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් 3 කමාන්ඩෝ රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ මවක් සඳහා කෘතිම පාදයක් සකස්කර ගැනීමට මුල්‍යමය ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන්, සෙසුනිලයින් සහභාගී වූහ.