Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

31st January 2024 20:44:39 Hours

යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාව මගින් කිහිලිකරු පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාව මගින් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකාය යටතේ රාජකාරි සිදුකරනු ලබන ආබාධිත සෙසු නිලයින් දෙදෙනෙකු සඳහා කිහිලිකරු යුගල දෙකක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා පුරෝගාමී බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි එච් ස්වර්ණලතා මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර, එතුමියගේ ඉල්ලීමකට අනුව පරිත්‍යාගශීලී දානපතියෙකු විසින් මෙම කිහිලිකරු යුගල ලබා දෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.