Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th January 2024 19:52:06 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මැනිංටවුන් පිහිටි කාන්තා රූපලාවණ්‍යාගාරය නවීකරණය කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් පරිදි මැනිංටවුන්හි ආරම්භ කරන ලද කාන්තා රූපලාවණ්‍යාගාරය නවීන රූපලාවන්‍ය පහසුකම් සහිතව නවීකරණය කිරීම සිදුකරන ලදී. එමගින් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉහළම මට්ටමේ රූපලාවන්‍යාගාර සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

ජානකී ලියනගේ මහත්මිය පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින එම රූපලාවණ්‍යාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවක් සිදුකරමින් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.