Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th January 2024 19:49:03 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පසුගිය සඳුදා (ජනවාරි මස 29) දින කඹුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල 2 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

ජානකී ලියනගේ මහත්මිය විසින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙනු ලැබීය.

ජල ප්‍රථීකාර සඳහා යොදාගන්නා රණවිරු පිහිනුම් තටාකය නඩත්තු කිරීම සඳහා අත්‍යවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය ද එතුමිය විසින් සුවතා නිකේතනය වෙත පරිත්‍යාග කරනු ලැබීය. අනතුරුව, එතුමිය රණවිරුවන් වෙනුවෙන් ලබාදුන් දිවා භෝජන සංග්‍රහය සඳහාද එක් වූ අතර, එම සංචාරය අතරතුරදී සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ජානකී ලියනගේ මහත්මිය සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියාය.

මෙම අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.