Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th January 2024 19:41:45 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පුණ්‍ය වැඩසටහනක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ සංකල්පයකට අනුව දිවංගත, රණක්‍ෂිතයට පත් සහ සේවයේ නියුතු රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු රටවැසියන්ට ආශිර්වාද එක්කරමින් විශේෂ බෝධි පූජා පිංකමක් සහ ධර්ම දේශනාවක් 2024 ජනවාරි මස 19 දින පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

කන්දේගල විහාරස්ථානයේ විහාරාධිකාරි සහ මාලඹේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයේ ආචාර්ය අතිපූජ්‍ය රාජකීය පණ්ඩිත බඹරැන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේ විසින් මෙම බෝධි පූජා පිංකම සහ ධර්ම දේශනාව පැවැත්වීය.

මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විසින් බෝධි පූජා පිංකම සහ ධර්ම දේශනාව සඳහා සහභාගී වූ 1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සාමාජිකයන් සහ ඔවුන්ගේ භාර්යාවන් වෙත සුදු වස්ත්‍ර පිරිනැමීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි, එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ 1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සෙසුනිලයන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වූහ.

1 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සාමාජිකයන්ගේ මූල්‍යමය දායකත්වයෙන් මෙම පුණ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.