Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd January 2024 19:50:15 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය වශයෙන් වජිරා පෙරේරා මහත්මිය පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 16) දින පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

උත්සව අවස්ථාවට එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.