Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd January 2024 20:31:18 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

සීමාසහිත ‘Industrial Safety Equipment’ පුද්ගලික සමාගම සමඟ එ්කාබද්ධව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් මහමයිලන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024 ජනවාරි මස 19 දින ක්‍රියාත්මක කරනු ලැබීය. එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ‘අකුරට සවියක් වැඩසටහන’ යටතේ සීමාසහිත ‘Industrial Safety Equipment’ පුද්ගලික සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයන්ගේ සුරතින් සිසු සිසුවියන් වෙත පොත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, එම පුද්ගලික සමාගමේ නියෝජිතයන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.