Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd January 2024 19:45:21 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දෙයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සහ සිවිල් සේවක මහතුන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් 100 බෙදාදීමේ වැඩසටහනක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින එම සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

උත්සව අවස්ථාවට පැමිණි ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකා නෙලූකා නානායක්කාර මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමිය විසින් එම වියළි ආහාර සලාක පාර්සල් ප්‍රථිලාභීන් අතර බෙදා දෙන ලදී. මෙම පරිත්‍යාගයන් සඳහා ‘Industrial Safety Equipment’ පුද්ගලික ආයතනය වෙතින් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

උත්සව කටයුතු අවසානයේදී, ජානකී ලියනගේ මහත්මිය විසින් මෙම උතුම් කාර්යය සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන් එම ආයතනයෙහි අධ්‍යක්‍ෂතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනැමීය. අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් ජානකී ලියනගේ මහත්මිය වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, අනුග්‍රාහකත්වය ලබාදුන් එම ආයතනයෙහි කාර්යය මණ්ඩලය සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.