Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th January 2024 15:29:59 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුබසාධන වැඩසටහනක්

ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සුරංගි අමරපාල මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු හමුදා සහ සිවිල් සේවක මහතුන්ගේ, දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පිටුවහලක් වීමේ අරමුණින් වැඩසටහනක් සංවිධානය කරන ලදී.

පසුගිය සඳුදා (ජනවාරි මස 15) දින පැවති එම උත්සවයේදී සුරංගි අමරපාල මහත්මිය විසින් 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ පරිත්‍යාග සිදු කරන ලදී.

එම වැඩසටහනට සමගාමීව අක්‍ෂි පිළිකාවකින් පෙලෙන කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ දියණියක වෙත MRI ස්කෑන් පරීක්‍ෂණයක් සිදුකිරීමට අවශ්‍ය රුපියල් 100,000/- ක මුදලක් ද පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 09) දින 6 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේදී පරිත්‍යාග කරන ලදී. ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් මෙවැනි කාලෝචිතව වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම අවස්ථාවට ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, එම බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යේෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.