Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th January 2024 20:06:53 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 13) දින දංඕවිට, ‘සඳැල්ල වැඩිහිටි සත්කාරක මැඳුර’ වැඩිහිටි නිවාසයෙහි නේවාසිකව සිටින ජ්‍යේෂ්ඨ පුරවැසියන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මිය ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.