Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th January 2024 18:18:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ‘කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු’ මැයෙන් අධ්‍යාපනික සැසියක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු’ මැයෙන් අධ්‍යාපනික සැසියක් පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මියගේ ආරාධනයකට අනුව කොළඹ, ද සොයිසා මාතෘ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා (එම්බීබීඑස්, එම්ඩී) විසින් මෙම දේශනය පවත්වනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නිලධාරින්, සෙසුනිලයන් සහ එම ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.