Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th January 2024 18:24:30 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව සුබසාධන වෙළඳසැලක් ඉදිකෙරේ

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව වෙතින් පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ ‘ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා සුබසාධන වෙළඳසැල’ පසුගිය බදාදා (ජනවාරි මස 10) දින විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයකට අනුව ඉදිකරනු ලැබූ මෙම සුබසාධන වෙළඳසැලේ ඉදිකිරීම් කටයුතු එම රෙජිමේන්තු භටපිරිස් විසින් සිදුකරනු ලැබීය. මෙම වෙළඳසැල තුලින් ආහාර, ලිපිද්‍රව්‍ය සහ තවත් එදිනෙදා භාවිතා වන ද්‍රව්‍ය සාධාරන මිළ ගණන් යටතේ මිලදී ගැනීමේ හැකියාව පවතී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කාර්යයේ නියුක්ත රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී වූ අතර ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ එම ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.