Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th January 2024 20:17:19 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොත් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම බලකාය යටතේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපන කටයුතුවල නිරත පාසල් දරු දැරියන් 26 දෙනෙකු වෙත පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 05) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂෙහානි ප්‍රනාන්දු මහත්මිය සහභාගී වූවාය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සහභාගී වූහ.