Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th January 2024 19:22:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාව වෙතින් හොරණ, ගල්පාත ‘සුඛිත’ ආබාධිත ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් 2024 ජනවාරි මස 07 දින පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

උත්සවයේ ආරම්භයේදී ළමුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමුණු අතර එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 40 දෙනා වෙනුවෙන් විනෝදාස්වාද වැඩසටහන් පැවැත්වීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පරිත්‍යාග කිරීම සිදුකෙරිණි. මලින්දා ගුණවර්ධන මහත්මිය සහ විශ්‍රාමික කර්නල් උපුල් ගුණවර්ධන ගේ පවුලේ සාමාජිකයන් විසින් ‘සුඛිත’ ආබාධිත ළමා නිවාසයේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කළ ත්‍යාග සහ වියළි ආහාර සලාක වෙනුවෙන් අනුග්‍රාහකත්වය ලබාදුන්හ.