Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th January 2024 16:26:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව වෙතින් අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පසුගිය සඳුදා (දෙසැම්බර් මස 18) දින නත්තල් කැරොල් වැඩසටහනක් පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වෛද්‍ය නිල්මිණි ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. මෙහිදී, රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදානයක් ද සිදුකෙරිණි.