Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th January 2024 19:32:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ උපදෙස් මත එම සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින එම රෙජිමේන්තුව යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් 43 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහනට සමගාමීව, ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සාමාජිකයන්ගේ දරුවන් 5 දෙනෙක් අභිප්‍රේරණය කිරීමේ අරමුණින් ඔවුන් වෙත රු. 75,000 ක මූල්‍ය ප්‍රදානයක් සිදුකරනු ලැබීය.