Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th January 2024 19:35:45 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින එම රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පාසල් සිසු සිසුවියන් 52 දෙනෙකු වෙනුවෙන් රුපියල් 16,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සමඟින් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

මෙම වැඩසටහනට සමගාමීව මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටියදී රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු වෙනුවෙන් රුපියල් මිලියන 02 ක වටිනාකමකින් යුත් විදුලි රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්වරුන් ද සහභාගී වූහ.