Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd January 2024 16:53:20 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ‘Gallant Bar Snacks’ ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ සංකල්පයකට අනුව එම රෙජිමේන්තු සාමාජිකයන්ගේ සුබසාධන ව්‍යාපෘති තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් 2023 ඔක්තෝබර් මස 26 දින ‘Gallant Bar Snacks’ ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

අභිනවයෙන් ඉදිකරනු ලැබූ ‘Gallant Bar Snack’ 2023 දෙසැම්බර් මස 29 දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල්එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් විවෘත කරන ලදී.

‘Gallant Bar Snacks’ වෙතින් මඤ්ඤොක්කා බයිට්, මිශ්‍ර කඩල, මසාලා රටකජු, මිශ්‍ර රටකජු සහ මුරුක්කු ඇතුළු කෙටි ආහාර වර්ග සෞඛ්‍ය සහ ආහාර මාර්ගෝපදේශයන්ට අනුකූලව නිෂ්පාදනය කරනු ලබයි. මෙම ප්‍රණීත කෙටි ආහාර නිෂ්පාදනය කරනු ලබන්නේ දිවයිනේ පිළිගත් කෙටි ආහාර නිෂ්පාදන ආයතනවල මාස තුනක පුළුල් පුහුණුවක් ලබා ඇති සෙසුනිලයන් විසිනි.