Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd January 2024 18:14:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නත්තල් කැරොල් ගීතිකා ප්‍රසංගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය ගේ උපදෙස් මත පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී නත්තල් කැරොල් ගීතිකා ප්‍රසංගයක් සංවිධානය කරන ලදී.

නාරාහෙන්පිට ශාන්ත තෙරේසා දේවස්ථානයේ කැරොල් ගීතිකා කණ්ඩායම, යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයින් එම බලකායේ සංගීත කණ්ඩායම සමඟ එක්ව මෙම කැරොල් ගීතිකා ප්‍රසංගය පවත්වන ලදී.

උත්සව අවස්ථාවට සමගාමීව පාසල් ළමුන් 36 දෙනෙකු වෙනුවෙන් පොත් පරිත්‍යාග වැඩසටහනක් ද පැවැත්විණි. එහිදී, ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය විසින් සංකේතාත්මකව පාසල් ළමුන් 15 දෙනෙකු වෙත පොත් බෙදාදුන් අතර, සහභාගී වූ අනෙකුත් ළමුන්ට නත්තල් තෑගි සහ රසකැවිලි ප්‍රදානය කරන ලදී.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, එම බලකා සේවා වනිතා සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ ක්‍රිස්තියානි බැතිමතුන් සහභාගී වූහ.