Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd January 2024 18:06:26 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය නව වසරේ රාජකාරි ආරම්භ කරයි

2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සම්ප්‍රදායානුකූලව පවත්වනු ලැබූ තේ පැන් සංග්‍රහය එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (ජනවාරි මස 01) දින පැවති අතර, එම අවස්ථාවට ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සිවිල් කාර්යය මණ්ඩල සමාජිකයින් සහභාගී වූහ.

තේ පැන් සංග්‍රහය අතරතුරදී ජානකී ලියනගේ මහත්මිය කාර්යය මණ්ඩලය සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් 100 දෙනෙකුට සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත වියළි ආහාර සලාක ඇසුරුම් පිරිනමන ලදී.