Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st January 2024 07:59:49 Hours

23 ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහනක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත 23 ගැමුණු හේවා බළකායේ සංවිධානයෙන් පාසල් ළමුන් වෙත පාසල් උකරණ සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 26 ) දින කිලාලි රෝමානු කතෝලික දමිළ මධ්‍ය විද්‍යාලයේදී සිදුකරන ලදී.

වැඩසටහනේදී පාසල් සිසුන් 60 දෙනෙකු සඳහා පාසල් උපකරණ, එම පාසලේ තූර්ය වාදක කණ්ඩායම සඳහා සංගීත උපකරණ සහ ඔවුන්ගේ දෙමාපියන් සඳහා පොල් පැළ 300ක් බෙදා දීමට කටයුතු කරන ලදී. උත්සවයේ කටයුතු අවසානයේදී ළමුන් සහ ගුරුභවතුන් ඇතුළු අනෙකුත් ආරාධිත අමුත්තන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.