Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st January 2024 08:02:50 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී දිවා භෝජන සංග්‍රහයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනියගේ උපදෙස් මත පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 28) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලද අතර, එම අවස්ථාව සඳහා සියලුම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහ හිටපු සභාපතිනියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිවා භෝජන සංග්‍රහය අතරතුරදී යුද්ධ හමුදා සංගීත කණ්ඩායම විසින් සංගීත රසාස්වාදය ලබාදුන් අතර, අනතුරුව පැමිණි සියලුම අමුත්තන් සඳහා ත්‍යාග බෙදාදී සුහද අදහස් හුවමාරුවක නිරත විය.