Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th December 2023 20:54:34 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් වියළි සලාක සහ දිරි දීමන ලබාදෙයි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරන සිවිල් සේවක මහතුන් 38 දෙනෙකු සදහා වියළි සලාක සහ දිරි දීමනා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව විසින් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 22 ) දින සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශයිමලි විජේසේකර මහත්මිය සහභාගී විය.

මීට අමතරව පසුගිය දා පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්ගේ තෝරාගත් සිසුන් 9 දෙනෙකු සදහා අඛණ්ඩව රුපියල් 20,000 දිරි දීමනාවක්ද ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ