Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th December 2023 20:41:31 Hours

ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවෙන් පෙර පාසල් ළමුන්ට දිරි දීමනාවක්.

ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාව විසින් දෙහිඅත්තකණ්ඩිය නිකවත්තලන්ද ගෝතමී පෙර පාසලේ දරුවන් සඳහා පාසල් බෑග් සහ අධ්‍යාපනික උපාංග බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 23 ) දින පවත්වන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා බළකා සභාපතිනී නයෝමි ගුණරත්න මහත්මිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, පෙර පාසල් දරු දැරියන් වෙත රුපියල්: 70,000 කට වඩා වටිනා පාසල් ලිපි ද්‍රව්‍ය බෙදා දෙන ලදී.

මැලිබන් ගාමන්ට් මහියංගනය, බීඕපී ට්‍රේඩර්ස්, දෙහිඅත්තකණ්ඩිය කේජීඒ ස්ටෝර්ස් සහ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ විදුහල්පති ඇතුළු දානපතියන් රැසක් මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දුන් අතර, ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස්වල සහාය ඇතිව වැඩසටහන සිදු කරන ලදී