Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

24th December 2023 21:20:07 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 72 වන සංවත්සර දිනය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ 72 වන සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාව නාරාහේන්පිට මධ්‍යම ලේ බැංකුව සමඟ ඒකාබද්ධව පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 21) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ආචාර්ය හිමාලි නියංගොඩ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සඳහා කොළඹ සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය හිමිවූ අතර ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් රැසක් මෙම වැඩසටහන සඳහා සිය දායකත්වය දැක්වූහ.