Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd December 2023 21:25:02 Hours

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් අපොස(උ/පෙ) සහ අපොස(සා/පෙ) විභාග අපේක්ෂකයින් සඳහා බෝධි පූජා පිංකමක්

1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව විසින් පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී ‘බෝධි පූජා පිංකමක්’ පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින සංවිධානය කරන ලදී.

පූජ්‍ය දීගල පියදස්සි හිමියන් විසින් සිදුකරනු ලැබූ මෙම විශේෂ බෝධි පූජා පිංකම මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් වැසියන්ගේ පවුල්වල අපොස(උ/පෙ) සහ අපොස(සා/පෙ) විභාග අපේක්ෂකයින් සඳහා ආශීර්වාද කරනු ලැබීය.

පිංකම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධෝපකරන මාස්ටර් ජෙනරාල් සහ යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.කේ රාජපක්‍ෂ ආර්එස්පී, එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ මහත්මිය, සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහභාගී වූහ.