Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd December 2023 21:13:42 Hours

යුද්ධ හමුදා කාලතුවක්කු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අපේක්‍ෂා රෝහලේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 10) දින අපේක්‍ෂා රෝහලේ සංචාරයක නිරත වූ අතර, එහිදී ප්‍රතිකාර ලබන දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දෙනු ලැබීය.

යුද්ධ හමුදා කාලතුවක්කු සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමියගේ සහ සාමාජිකාවන්ගේ අනුග්‍රාහකත්වය මත මෙම පුණ්‍ය කටයුත්ත සිදු කරන ලදී.