Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th December 2023 22:40:54 Hours

ගැමුණු හේවා බලකා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රණවිරු සමරුම් උත්සවයක්

ගැමුණු හේවා බලකා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රට වෙනුුවෙන් දිවිපිදූ සහ අතුරුදන් වූ දකුණු පලාතේ රණවිරුවන් 81 දෙනෙකු සිහිපත් කරමින් උපහාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින මාතර, රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

ගැමුණු හේවා බලකා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මිය, එම ඒකකයේ සාමාජිකාවන්, දිවිපිදූ සහ අතුරුදන් වූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් 180 දෙනෙකු එහිදී රණවිරු ස්මාරකය වෙත ගෞරවාචාර දැක්වූහ.

ගැමුණු හේවා බලකා රෙජිමේන්තුවේ බලකාධිපතිතුමන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව උත්සව අවස්ථාවට සහභාගී වූ සියලුම දෙනා වෙත උදෑසන සහ දිවා ආහාරය ලබාදුන් අතර, උත්සව කටයුතු අවසානයේදී සමරු උත්සවයේ ඡායාරූප රණවිරු පවුල්වල සියලුම සාමාජිකයින් වෙත පිරිනමන ලදී.