Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th December 2023 23:46:56 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව අක්‍ෂි වෛද්‍ය සායනයක් සංවිධානය කරයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත එම බලකායේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් වෙනුවෙන් අක්‍ෂි වෛද්‍ය සායනයක් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින පැවැත්වූහ.

අක්‍ෂි සායනය සඳහා සහභාගී වූ එම බලකායේ සේවයේ නියුතු නිලධාරීන්, සෙසුනිලයින් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් 185 දෙනෙකුගේ අක්‍ෂි පරීක්‍ෂා කල අතර, අනතුරුව ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ නියෝජ්‍ය ලේකම් ප්‍රියංකා ගලප්පත්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ප්‍රගලිත පුෂ්ප කුමාර, පී.සී.එම් චන්ද්‍රපාල යන මහත්වරුන්ගේ සහ එල්.ටී.එස්.ටී වික්‍රමතුංග මහත්මියගේ අනුග්‍රාහකත්වය මත ලබාදුන් ඇස් කණ්ණාඩි එම අක්‍ෂි ආබාධ ඇති පිරිස් වෙත බෙදා දෙන ලදී.

සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල බිමල් කන්නන්ගර මහතාද මෙම වැඩසටන සඳහා සහාය වූයේය.