Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th December 2023 00:09:19 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ කණ්ඩායමක් ‘Link Natural’ සමාගමෙහි අධ්‍යයන චාරිකාවක

යුද්ධයේදී රට වෙනුවෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ පවුල්වල සුභසාධන කටයුතු සඳහා නිරතුරුවම දායකත්වය ලබාදෙන ‘Link Natural’ සමාගමෙහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීම සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් එම සමාගම වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදා මාණ්ඩලික නිලධාරීන් සහ එම ඒකකයේ සාමාජික සාමාජිකාවන් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය පසුගිය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් මස 14) දින ‘Link Natural’ සමාගම වෙත අධ්‍යයන චාරිකාවක නිරත වූහ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී සහ Link Natural සමාගමේ නිශාන්ත පරණගම මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එහිදී, මිනිස් සෞඛ්‍යයට හිතකර ආකාරයෙන් ස්‌වාභාවික ඖෂධ භාවිතා කරමින් නවීන තාක්‍ෂණය මගින් සිදුකරන නිෂ්පාදන ක්‍රියාවලිය නැරඹීමට ඔවුන්ට අවස්ථාව හිමිවූහ. අනතුරුව, පැමිණ සිටි කණ්ඩායම ආයතන පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර Link Natural සමාගමේ අධ්‍යක්‍ෂ නිශාන්ත පරණගම සහ විධායක අලෙවි අධ්‍යක්‍ෂ ප්‍රදීප් බණ්ඩාර යන මහත්වරුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.