Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th December 2023 07:29:10 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික නත්තල් උත්සවය මෙවරත්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වනු ලබන වාර්ෂික නත්තල් උත්සවය මෙවරත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදී පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 12) දින පවත්වනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගිවු අතර, විධායක කමිටු සාමාජිකාවන් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන්ද සහභාගී වූහ.

උත්සවය ආරම්භ කරමින් යුද්ධ හමුදා සංගීත කණ්ඩායම නත්තල් ගීත ගායනා කළ අතර, ඉන් අනතුරුව සංකේතාත්මකව නත්තල් ත්‍යාග ආරාධිතයන් අතර බෙදා දෙනු ලැබීය. උත්සවයේ කටයුතු අවසන් කරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පැවැත්වූහ.