Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th December 2023 18:54:49 Hours

කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ල ‘අභිමංසල -3’ සුවතා නිකේතනයේ සංචාරයක

පාන්ගොල්ල ‘අභිමංසල -3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමට කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශෙහානි ප්‍රනාන්දු මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

එම සංචාරයේදී ශාඛාවේ සාමාජිකාවන් රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙමින් තේ පැන් සංග්‍රහයක්ද පිරිනැමූ අතර, අනතුරුව ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් ද පවත්වනු ලැබීය.