Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th December 2023 18:51:01 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අත්තිඩිය ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේ සංචාරයක

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මිය ඇතුළු එම ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 05) දින අත්තිඩිය ප්‍රදේශයේ ස්ථාපිත ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

සංචාරයේ නිරත විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් එම සුවතා නිකේතනයේ ප්‍රයෝජනය වෙනුවෙන් (4 x chain links fence roll) කට්ටල සහ (automated external defibrillator) යන්ත්‍රයක් පරිත්‍යාග කරනු ලැබූහ.

මෙම සංචාරය සඳහා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.