Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th December 2023 18:37:52 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ඒකකය වෙතින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගත් භටපිරිස් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අත්විඳින ආර්ථික අපහසුතා පිළිබඳ සලකා බලමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාවේදී ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් ප්‍රතිලාභීන් කිහිපදෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.