Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th December 2023 18:45:03 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම පැවැත්වේ

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම 2023 දෙසැම්බර් මස 02 දින බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මූලස්ථානයේදී විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාර යටිවාවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සැසිවාරයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ආරම්භක දේශනය සිදුකරනු ලැබීය.

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විසින් එම ඒකකයේ අතීත ව්‍යාපෘතියන්හි සංක්‍ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කළ අතර අනාගත සැලසුම් පිළිබඳව ද අදහස් දැක්වීය.

මෙම සැසිවාරයට සමගාමීව මන්දපෝෂණ රෝගයකින් පෙළෙන යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ දියණියකගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් රු. 50,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

මෙම සැසිවාරයේදී පෞරුෂ සංවර්ධනය පිළිබද දේශක ඉරෝෂිකා ඉඳුමිණි මහත්මියගේ මූලිකත්වයෙන් පැවති ‘විශ්වාසය ගොඩනැගීම සහ පුද්ගල සංවර්ධනය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීය.