Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th December 2023 18:50:54 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ 74 වන සංවත්සර දිනය නිමිත්තෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු හමුදා සාමාජිකයින්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 2983 දෙනෙකු වෙත 2024 වසර සඳහා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනක් ආරක්‍ෂක සේවා විද්‍යාලයේදී පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින සංකේතාත්මකව සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාව අතරතුරදී 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් 24 දෙනෙකු සඳහා ශිෂ්‍යත්වයන් සහ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වූ සිසුන් දෙදෙනෙකු වෙනුවෙන් එක් අඩ වසරකට රු.12,500.00 බැගින් වූ ශිෂ්‍යත්වයන් ද ප්‍රදානය කරන ලදී.