Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th December 2023 19:02:17 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පාන්ගොල්ල ‘අභිමංසල -3’ සුවතා නිකේතනයේ සංචාරයක

පාන්ගොල්ල ‘අභිමංසල -3’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පසුගිය බදාදා (නොවැම්බර් මස 29) දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් මෙම සංචාරයේදී රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් බෙදාදෙමින් ඔවුන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගන්නා ලදී. අනතුරුව ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා සංගීතමය වැඩසටහනක් ද පවත්වනු ලැබීය.