Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th December 2023 19:55:30 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පොත් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් එම බලකායේ රාජකාරියෙහි නියුතු සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරු දැරියන් 150 දෙනෙකු සඳහා පොත් බෙදාදීමේ වැඩසටහනක් එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් මස 02) දින පැවැත්වීය.

වාර්ෂික පොත් බෙදාදීමේ වැඩසටහනේදී 1 සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන් සඳහා රු. 310,000.00 ක වටිනාකමකින් යුතු පොත් 2100 කට අධික ප්‍රමාණයක් බෙදාදුන් අතර, එහිදී 2024 පාසල් වර්ෂය සඳහා පාසල් ළමුන් 15 දෙනෙකු වෙත සංකේතාත්මකව පොත් කට්ටල බෙදා දෙන ලදී.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් පිරිසක් ද සහභාගී වූහ.