Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th November 2023 10:07:06 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් පසුගිය බදාදා (නොවැම්බර් මස 28) දින මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

සංචාරය අතරතුරදී මිහිඳු සෙත් මැඳුර සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රථිකාර ලබන සෑම රණවිරුවෙකු වෙතම ත්‍යාග පාර්සල් ප්‍රධානය කරනු ලැබූ අතර, කැලිප්සෝ සංගීතමය වැඩසටහනක් පවත්වමින් ඔවුන් විනෝදාස්වාදයට පත්කරනු ලැබීය.මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහ යුද්ධ හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.