Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th November 2023 10:18:52 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් රණවිරු පවුලක් වෙත නව නිවසක්

දොම්පේ, ඉන්දොලමුල්ල ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ උත්සවයක් ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානු කූලව පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින පැවැත්විණි

දොම්පේ, ඉන්දොලමුල්ල ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ උත්සවයක් ආගමික වතාවත් මධ්‍යයේ චාරිත්‍රානු කූලව පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 28) දින පැවැත්විණි.

අභාවප්‍රාප්ත රණවිරුවෙකුගේ භාර්යාවක් වන චංචලා චාන්දනී මහත්මිය වෙත මෙම නව නිවස ඉදිකර දීමට කටයුතු කරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් පරිදි සිංහ සමාජයේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත එම ඒකකය මගින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

යුද්ධ හමුදා භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත නිවසේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, පන්ථක දාබරේ මහතා සහ සිංහ සමාජයේ සාමාජිකයින් සහභාගි වූහ.