Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th November 2023 10:13:20 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 72 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව් ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත එම බලකායේ අභිමානවත් 72 වන සංවත්සර දිනය වෙනුවෙන් 2023 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා දින දියතලාව, කහගොල්ල මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේදී සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබිණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි නියංගොඩ මහත්මිය සහ කොළඹ කොටුව සිංහ සමාජය ඒකාබද්ධව මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය ලබාදුන්හ.

මෙම පරිත්‍යාග වැඩසටහනට සමගාමීව කහගොල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ පරිත්‍යාගයක් ද සිදුකෙරිණි. මෙම උත්සවයේදී පාසල් සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් නර්තන අංගයක් පැවැත්වූ අතර සිසු සිසුවියන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සිංහ සමාජයේ සාමාජිකයන් ද සහභාගි වූහ.