Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th November 2023 09:47:36 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ සංචාරයක

පුනරුත්ථාපන කටයුතුවල නිරතව සිටින රණවිරුවන්ගේ සුවදුක් හා සුභසාධනය පිළිබඳව සොයාබැලීමේ අරමුණින් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2023 නොවැම්බර් මස 19 දින කඹුරුපිටිය ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවූහ.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මෙම සංචාරය අතරතුරදී එම රණවිරුවන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් සිය යහපැවැත්ම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය පිළිබඳ විමසා බැලූහ.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය සහ උප සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මිය එක්ව සෑම රණවිරුවෙකුටම අත්‍යාවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍යයන්ගෙන් සමන්විත ත්‍යාග පාර්සල් පිරිනැමූහ.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, සුභසාධක අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එම්.එම්.එස්.සී.කේ. වනසිංහ ආර්එස්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද එක් වූහ.