Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th November 2023 09:43:27 Hours

‘විරු කැකුළු’ පෙරපාසල්හි ගුරුභවතුන්ගේ සේවය පැසසුමට

දිවයින පුරා ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් පාලනය වන සියලුම ‘විරු කැකුළු’ පෙරපාසල්හි ගුරුභවතුන් වෙත කෘතවේදීත්වය පුදකිරීම සදහා නොවැම්බර් මස 25 දින මැනිං ටවුන් පෙරපාසල් පරිශ්‍රය වෙත ඔවුන් හට ආරාධනා කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදි යුද්ධ හමුදා සාමාජිකයන්ගේ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් ඉටුකරනු ලබන සේවාවන් ඇගයීමට හා පැසසුමට ලක්කරනු ලැබීය.

යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ සෞන්දර්යාත්මක අංගයන්ගෙන් වැඩසටහන ප්‍රබෝධමත් විය. උත්සවය සමාප්තියේ, සියලුම ගුරු භවතුන් ජානකී ලියනගේ මහත්මිය සමඟ දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමෙන් අනතුරුව ඔවුන් වෙත විශේෂ ත්‍යාග පාර්සල් ද පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි ඇතුළු එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රැසක් සහභාගී වූහ.