Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th November 2023 15:29:57 Hours

මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථකව පැවැත්වේ

මැනිං ටවුන් ‘විරු කැකුළු’ පෙරපාසලේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ වාර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය සෙනසුරාදා (නොවැම්බර් 25) දින නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

උත්සව අවස්ථාවට සපැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත බුලත් හුරුල්ලක් පිළිගන්වමින් මෙම අවස්ථාවට පිළිගනු ලැබීය. ජානකී ලියනගේ මහත්මිය ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව දරු දැරියන් සිය කලා සහ සෞන්දර්යාත්මක කුසලතාවයන් එළිදැක්වූහ.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධ සෞන්දර්යාත්මක ඉසව් රැසක් පැවැත්විණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සියලුම පෙර පාසල් ළමුන් සහ සම්භාවනීය අමුත්තන් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියාය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වන නන්දනී සමරකෝන් මහත්මිය හා සුරංගි අමරපාල මෙනවිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.