Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th November 2023 12:57:10 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකාවන්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය යටතේ සේවයේ නියුතු සියලුම නිලධාරිනියන් සහ සෙසුනිලයන්ගේ චිත්ත ධෛර්යය සහ මානසික සතුට ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2023 නොවැම්බර් මස 11 වන සෙනසුරාදා දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී විශේෂ සංගීතමය වැඩසටහනක් පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ යෝජනාවකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

ශ්‍රී ලංකා පාබල හමුදා සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නර්තන කණ්ඩායම ඒකාබද්ධව සංවිධානය කළ මෙම සංගීත සංදර්ශනයේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස‍ සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මිය ඇතුළු පිරිස ප්‍රීති ප්‍රමෝදයට පත්කළහ.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ශ්‍යාමලී විජේසේකර මහත්මිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙහිදී, ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ශ්‍රී ලංකා පාබල හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයන් සහ යුද්ධ හමුදා නර්තන කණ්ඩායමේ සාමාජිකයින් වෙත විශේෂ තිළිණ ප්‍රදානය කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරිනියන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අතහිත පදනමේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය මත මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලීය ‘අතහිත පදනම’ හා ආදිශිෂ්‍ය සංගමයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ අනුග්‍රාහකත්වය හිමිවිය.