Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th November 2023 10:58:47 Hours

දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය සාර්ථකව පැවැත්වේ

දියතලාව ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 22) දින දියතලාව ‘ටෝච්’ සිනමා ශාලාවේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට සපැමිණි ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන හිමාලි ඒකනායක නියංගොඩ මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විරු කැකුළු පෙර පාසලේ කුඩා දැරියක් විසින් බුලත් හුරුල්ලක් පිරිනමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. පසුව සම්භාවනීය ආරාධිතයින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති විවිධප්‍රසංගයේදී එම දරු දැරියන් විසින් විචිත්‍රවත් නර්ථනාංග සහ ඔවුන්ගේ කලා කුසලතාවයන් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී, දියතලාව විරුකැකුළු පෙර පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් දියතලාව මහජන බැංකු නිලධාරීන් විසින් රුපියල් 50,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබීය.

උත්සවය සමාප්තියේ හිමාලි ඒකනායක නියංගොඩ මහත්මිය විසින් ජානකි ලියනගේ මහත්මිය සහ මහජන බැංකු නිලධාරීන් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගි වූහ.