Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th November 2023 11:01:55 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් නොවැම්බර් මස 22 දින දියතලාව ගොල්ෆ් පිටියේදී යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන හිමාෂා ඒකනායක නියංගොඩ මහත්මිය විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් ප්‍රතිලාභින් වෙත එම වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි, හිමාෂා ඒකනායක නියංගොඩ මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද එක්ව සිටියහ.