Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th November 2023 06:22:53 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද ‘රණවිරු අභිනන්දන පූජා 2023’ වැඩසටහන යටතේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය දා සිදුකෙරිණි.

බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (නොවැම්බර් මස 11) දින පැවති උත්සවයකදී සෙසුනිලයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ දරු දැරියන් 57 දෙනෙකු වෙත රුපියල් 20,000/= ක වටිනාකමකින් යුත් මෙම පාසල් උපකරණ කට්ටල පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ සංකල්පයකට අනුව ‘අතහිත’ පදනමේ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකු බාලසූරිය මහතාගේ සම්බන්ධීකරණය මත කොළඹ රාජකීය විද්‍යාලයේ ‘අතහිත පදනම’ හා ආදි ශිෂ්‍ය සංගමයේ කාරුණික අනුග්‍රාහකත්වය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ අනුග්‍රාහකත්වය මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා හිමිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ සහයෝගය හා දායකත්වය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා එම සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි ඉඳුනිල් ජයකෝඩි මහත්මිය සහ සාමාජිකාවන් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි, ‘අතහිත පදනමේ’ ප්‍රධාන සංවිධායක ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා, රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්, කොළඹ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයන්හි ආදි විද්‍යාර්ථයින් විශේෂ ආරාධිතයන් ලෙස මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. එමෙන්ම, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, සිවිල් සේවක මණ්ඩලය සහ ප්‍රතිලාභීන් රැසක් ද වැඩසටහන සඳහා එක්ව සිටියහ.