Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th November 2023 22:46:48 Hours

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය සාර්ථකව පැවැත්වේ

පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 13) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට සපැමිණි ජානකී ලියනගේ මහත්මිය විරු කැකුළු පෙර පාසලේ කුඩා දැරියක් විසින් බුලත් හුරුල්ලක් පිරිනමා ඉතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව සම්භාවනීය ආරාධිතයින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පැවති විවිධප්‍රසංගයේදී එම දරු දැරියන් විසින් විචිත්‍රවත් නර්ථනාංග සහ ඔවුන්ගේ කලා කුසලතාවයන් ඉදිරිපත් කරනු ලැබීය.

උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, පනාගොඩ ‘විරු කැකුළු’ පෙර පාසලේ ප්‍රධානී දිලූපා පීරිස් මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරින්, දෙමාපියන් සහ පෙර පාසල් කාර්යය මණ්ඩලය සහභාගි වූහ.