Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th November 2023 22:41:06 Hours

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනි වශයෙන් ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය එම බලකා රෙජිමේන්තු මූලස්ථානයේ ආගමික වතාවත් මධ්‍යයේ පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින පැවති උත්සවයකදී ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.